AFC Banner
AFC Banner
Empty Ad

බත්තරමුල්ලේ සීලරතන හිමි සහ ජනසෙත පෙරමුණේ සභාපති පොලිස් මූලස්ථානයට

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් සහ ජන පෙරමුණේ සභාපති නිලන්ත රණසිංහ අද දින පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදු කළා.

එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා තමන්ට තර්ජනය කරමින් බැණ වැදීම් සිදු කර ප්‍රකාශයක් නිකුත් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මෙලෙෂ පැමිණිල්ලක් සිදු කළ බවයි ඔහු සඳහන් කළේ.

දළදාව සුරැකීමේ සංවිධානය ලෙසට තමන් විවිධ අවස්ථාවල පෙනී සිට ඇති අතර මෙවැනි තර්ජන හමුවේ ඉදිරියේදී තමාගේ ජීවිතයට තර්ජනයක් සිදුවුවහොත් එහි වගකීම මර්වින් සිල්වා භාරගත යුතු බවටයි ඔහු කියාසිටියේ.

එමෙන්ම දළදාව සුරැකීමේ සංවිධානය ලෙස දිගින් දිගටම කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දැක්වූ බත්තරමුල්ලේ සීලරතන හිමියන්.

මර්වින් සිල්වා අමාත්‍යවරයාට අපි කතා කරන්නේ ආචාර්ය මර්වින් සිල්වා කියා. එතුමා ඉතා අසභ්‍ය ලෙස මාධ්‍ය හරහා දැන බැඳීම් කරන ආකාරය ඊයේ අපි දුටුවා. බලයට ආපුවාම මිනිස්සු හිතනවා ඔවුන්ට වඩා කෙනෙක් නැහැ කියලා. මර්වින් සිල්වා අමාත්‍යතුමා දැන් ඔබ වයෝවෘද්ධයි. එම නිසා කතා කරන විට පුද්ගලයන්ට ගෞරවය ලබා දීලා කතා කරන්න. මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට අපි මේ දළදා වහන්සේ ආරක්ෂා කිරීම පිළිබඳව කතාබහ කරලා තිබෙනවා. ඉදිරියටත් අපි ඒ කටයුතු එලෙස ම සිදු කරනවා. මේ ව්‍යාජ තෙල් බෙහෙත් කරන ජානක කියන පුද්ගලයා නිසා ඉදිරියේදී යම් ජීවිත හානියක් වුණොත් එය දේශීය වෛද්‍යවරුන්ටත් බලපානවා. එම නිසා දේශීය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව සොයා බලන්න කියලා. ජානක කියන පුද්ගලයා මාධ්‍යවේදීන්ට පහර දීලා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. ඔය කොයි මාධ්‍යයටත් අපි කියන්නේ කවදාහෝ දවසක අපිව ඕන වෙනවා කියලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?