බත්තරමුල්ලේ නිවසක් තුළ පුද්ගල ඝාතනයක්

බත්තරමුල්ල, අකුරේගොඩ, බටපොත ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබෙනවා

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 72ක තිදරු පියෙක්.

මියගිය පුද්ගලයාගේ නිවස කුලියට දී තිබෙන අතර, මීට පෙර කුලී නිවසේ සිටි පුද්ගලයකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැක කරන බවයි ඥාතීන් පවසන්නේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා අද (12) උදෑසන 7.00 පමණ මෙම ස්ථානයට පැමිණ ඇති බවත්, එය අසල කුලී නිවසේ සිටි පුද්ගලයකු ඔහුව දැක ඇති බවත් ඔහු සමඟ බහින් බස්වීමක්ද සිදුව ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

ඝාතනයෙන් පසු ඝාතනයට යොදා ගත් තියුණු ආයුධය දමා සැකකරු පැනගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය ලක්වූ පුද්ගලයා මුදල් පොළියට ලබාදීම ද සිදුකරගෙන ගොස් ඇති අතර, මුදල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැකපළ කරනවා.

තලංගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
10
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?