බත්තරමුල්ලේ නිවසක් තුළ පුද්ගල ඝාතනයක්

බත්තරමුල්ල, අකුරේගොඩ, බටපොත ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබෙනවා

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 72ක තිදරු පියෙක්.

මියගිය පුද්ගලයාගේ නිවස කුලියට දී තිබෙන අතර, මීට පෙර කුලී නිවසේ සිටි පුද්ගලයකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැක කරන බවයි ඥාතීන් පවසන්නේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා අද (12) උදෑසන 7.00 පමණ මෙම ස්ථානයට පැමිණ ඇති බවත්, එය අසල කුලී නිවසේ සිටි පුද්ගලයකු ඔහුව දැක ඇති බවත් ඔහු සමඟ බහින් බස්වීමක්ද සිදුව ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

ඝාතනයෙන් පසු ඝාතනයට යොදා ගත් තියුණු ආයුධය දමා සැකකරු පැනගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය ලක්වූ පුද්ගලයා මුදල් පොළියට ලබාදීම ද සිදුකරගෙන ගොස් ඇති අතර, මුදල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැකපළ කරනවා.

තලංගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
0
+1
10
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34