බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි හතරක් පොලිස් අත්අඩංගුවට

ලබාදී තිබූ අධිකරණ නියෝගය නොතකමින් ගාලුමුවදොර පිහිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළ කිසිඳු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් පසුගිය දා නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

කොටුව පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුවයි මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?