බණ්ඩාරගම අනතුරකින් පසු උණුසුම්කාරී තත්ත්වයක් (වීඩියෝ සහ ඡායාරූප)

බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හන්දියේ දී මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසු යතුරුපැදිකරු මෝටර් රථ රියදුරාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පහර දීමෙන් මෝටර් රථයේ රියදුරා මාර්ගයේ ඇද වැටී ඇති අතර යතුරුපැදිකරු මෝටර් රථයට ද බරපතල අලාභ සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව ප්‍රදේශවාසීන් සහ යතුරුපැදිකරු අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වී තිබෙනවා.

යතුරුපැදිකරු ඔහුගේ ගැබිණි බිරිඳ සමග යතුරු පැදියෙන් පැමිණීමේදී යතුරු පැදිය මෝටර් රථයේ ගැටී පෙරළීමෙන් අනතුර සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් යතුරුපැදිකරු උරණ වී මෙලෙස ප්‍රකෝපකාරී ලෙසට හැසිරී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

යතුරුපැදිකරුගේ පහරදීමෙන් තුවාල ලබා මාර්ගයේ වැටී සිටි මෝටර් රථ රියදුරා පොලිස් නිලධාරීන් විසින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ බණ්ඩාරගම හොරණ මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගත් බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

https://www.youtube.com/watch?v=UlIfnhU7NEc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
22
+1
5
+1
4
+1
8
+1
6
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34