රටේ පවතින බඩු මිළ ඉහල යාමත් සමග ජනතාව පත්ව ඇති පිඩාව හමුවේ රජයට විරෝධය පාමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද තිරප්පනේ නගරයේ දී සංවිධානය කර තිබු අතර එම වැඩසටහන සමගි ජන බලවේගයේ මිහින්තලය ආසන සංවිධායක අනුර බුද්ධික ගුණසේකර ඇතුලු පක්ෂිකයන් පිරිසක් විසිනි ..
මෙහිදි ජනතාව දැනුවත් කිරිම සදහා තිරප්පනේ නගරයේ සියලුම කඩ සප්පු වලට හා නගරයට පැමිණෙන පිරිස් වෙත අත් පත්‍රිකා බෙදා දීමක් සිදුකලා.
මේ අතර මිහින්තලය සජබ ආසනස සංවිධානය අනුර බුද්ධික මහතා නගරයේ එළවළු අලවිසලකට ගොස් එලවලු රැගෙන යාමට පිරිස් සමග සුහද පිළිසදරක සිදුකල අතර එහිසි එක් වායොවෘද්ධ කාන්තාවක් ගත් එලවලු කිහිපයක් දැක ඒ පිළිබද විශේෂ අවධානයක් කොට කරුණු විමසා සිටියා..
එහිදි ඇතිවු සංවාදය තුල දී කාන්තාව සදහන් කර සිටියේ තමාට ජිවත් වෙන්න කිසිදු ක්‍රමයක් නැති වෙලාවක අතේ තියෙන රුපියල් 150 මුදලට සරිලන්න එලවලු ටිකක් ගත්තාද එය නිවසට සැහිමකට පත් නොවන බවයි..
ඒ අනුව සජබ මන්ත්‍රී වරයාද රුපියල් 1000 වැඩි එලවලු මල්ලක් මිළ දීගෙන එහි ඇති එලවලු පිළිබද හා රටේ වත්මන් තත්වයට අනුව ජනතාව පත්ව ඇති අසීරු තාවය පිළිබද මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කලා.




