spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බක්මීවැව රක්ෂිත ප්‍රදේශයේ අක්කර 14 ක ගංජා වගාවක් අත්අඩංගුවට (ඡායාරූප)

ශාස්ත්‍රවෙල කඳවුරේ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පානම පොලිස් වසමේ බක්මීවැව රක්ෂිත ප්‍රදේශයේ ස්ථාන හතරක අක්කර 14 ක ගංජා වගාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී අඩි 07 ත් 10 ත් අතර උස ගංජා ගස් 140,000 ක් පමණ හා සැකකරුවෙකු නොමැති මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක්ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

සාම්පල් ලෙස ගංජා ගස් 20 ක් ගෙන ඉතිරිය ගිණි තබා විනාශ කර ඇති අතර විශේෂ කාර්ය බලකාය ආරුගම්බේ කඳවුර හා පානම පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?