එළෙඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන බංග්ලාදේශ සංචිතය ඊයේ (26) ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.
එක්දින පිටියෙන් සමුගැනීමේ තීරණය ආපසු හරවා යළි ජාත්‍යන්තර පිටියට පිවිසි තමීම් ඉක්බාල් මෙම සංචිතයට ඇතුළත්ව නොතිබීම විශේෂත්වයක්.
ඔහු ආබාධයකට ලක් වී සිටීම ඊට හේතු වී ඇති බවයි වාර්තා වුණේ.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ ලෝක කුසලාන සංචිතයේ නායකත්වයේ ෂකීබ් අල් හසන් තව දුරටත් කටයුතු කරනු ලබනවා.
ලෝක කුසලානයට එක්වන බංග්ලාදේශ කණ්ඩායම පහතින්.
ෂකීබ් අල් හසන් (නායක), ලිටන් දාස්, ටැන්සිඩ් හසන් තමීම්, නජ්මුල් හොසේන් ශාන්තෝ, තව්හිඩ් රිඩෝයි, මුෂ්ෆිකර් රහීම්, මහමුදුල්ලා රියාද්,මෙහෙදී හසන්, නසුම් අහමඩ්, ෂක් මහේදි හසන්, තස්කින් අහමඩ්, මුස්තාෆිසුර් රහ්මාන්, හසන් මහමුද්, ෂොරිෆුල් ඉස්ලාම්, ටැන්සිම් හසන් සකිබ්




