බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කරමින් දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගය ලකුණු 104 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් විසින් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වාර්තා කරමින් පන්දුවාර 20 තුළ කඩුළු 5ක් පමණක් දැවී ලකුණූ 205 රැස්කර ගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් රිලී රොසෝව් ලකුණූ 109ක් වාර්තා කිරීමට සමත් විය. රිලී එම ලකුණු සංඛ්‍යාව රැස් කළේ පන්දු 56කදීයි. දැවැන්ත හයේ පහර 8ක් සහ හත‌රේ පහර 7ක් ද ඇතුළත් වේ.

මෙවර තරගාවලියේ පළමු ශතකයයි අද රිලී විසින් මෙලෙස වාර්තා කරනු ලැබුවා. රිලී අද මෙලෙස වාර්තා කළේ සිය පන්දුවාර 20 ක්‍රිකට් දිවියේ දෙවන ශතකයයි.

ක්වින්ටන් ඩි කොක් ලකුණු 63ක් රැස්කළේ පන්දු 38කදීයි. ඊට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 7්ක ද ඇතුළත් වේ. පන්දු යැවීමේදී බංග්ලාදේශ පිල වෙනුවෙන් ශකීබ් අල් හසන් කඩුළු දෙකක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි බංග්ලාදේශ පිතිකරුවන් පන්දුවාර 16යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 101ක් පමයි.බංග්ලාදේශ පිල වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගත්තේ ලිටුන් ඩාස් පමණි.ඒ ලකුණු 34යි.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ඇන්රිච් නොර්ට්ජේ කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

ටබ්රිස් ෂම්සි කඩුළු 3ක් දවා ගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11
Video thumbnail
මහ ගින්නක් ගමකට කරපු ලොකු විනාශය..උඩින් පත්තුවෙනවා..එන්න එන්න කට්ටිය
01:15
Video thumbnail
SLFP එක ලොකු සෙට් එකක් මැයි රැළියට ගෙන්නන්න හදන්නේ ? 10000කට වැඩි ගාණක් ගෙන්නනවා
03:07