බංග්ලාදේශ එක්දින නායකත්වය මෙහිඩි හසන්ට

බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්වය මෙහිඩි හසන් මිරාස්ට හිමි ව තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් කළමනාකාරීත්වය පැවසුවේ ඉදිරි මාස 12ක කාලයක් සඳහා මෙහිඩිට නායකත්වය හිමිව ඇති බවයි.

මෙහිඩි ව ෂැන්ටෝගෙන් පුරප්පාඩු වන නායකත්වය වෙනුවෙන් මෙලෙස පත් කර තිබෙනවා.

මෙම මාසයේ පැවැත්වෙන බංග්ලාදේශ – ශ්‍රී ලංකා එක්දින තරගාවලියට මෙහිඩි නායකත්වය සපයනවා.

මෙහිඩිගේ එක්දින පත්වීමෙන් අදහස් වන්නේ බංග්ලාදේශයට දැන් ආකෘති තුනෙහිම වෙනස් නායකයින් තිදෙනෙකු සිටින බවයි.

ඒ අනුව එක්දින නායකයා මෙහිඩි ද, ෂැන්ටෝ ටෙස්ට් නායකයා ද ලිටන් දාස් විස්සයි විස්ස නායකයා ලෙස ද කටයුතු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?