බංග්ලාදේශය ලකුණු 476ක් පසුපසින් – එක් ලකුණකින් කමිඳුට ලෝක වාර්තාවක් අහිමිවෙයි

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනට අද (31) පස්වරුවේ තරගය නතර කරන බංග්ලාදේශය සිය පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 55ක් රැස්කරගෙන සිටියා.

ඒ, අනුව බංග්ලාදේශය, ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 476ක් පසු පසින් සිටිනවා.

අද දිනට තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු සකීර් හසන් ලකුණු 28ක් රැස්කරගෙන සිටි අතර, බංග්ලාදේශ ඉනිමේ සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි තයිජුල් ඉස්ලාම් පන්දු 09කට මුහුණ දී කිසිඳු ලකුණක් රැස්කරගෙන සිටියේ නැහැ.

බංග්ලාදේශය ඉනිමේ දැවී ගිය පළමු කඩුල්ල වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර විසින් බිඳ දැමුවා.

චැතග්‍රොම් හිදී පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ, අනුව ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 531ක දැවැන්ත ලකුණු පුවරුවන් පළමු ඉනිමට නිර්මාණය කළා.

එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් හයදෙනෙක් අර්ධ ශතක රස කිරීමට සමත් වූ අතර, කුසල් මෙන්ඩිස්ට ලකුණු 07කින් සහ කමිඳු මෙන්ඩිස්ට ලකුණු 08කින් අවාසනාවන්ත ලෙස ශතක අහිමි වී ගියා.

මේ අතර ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කිසිඳු පිතිකරුවෙකු ශතක සීමාවකට නොපැමිණ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 531 වාර්තා අතරට එක්වුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස්ට අවාසනාවන්ත ලෙස ශතකය ගිලීගි ගියේ ඔහු සමඟ අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි අසිත ප්‍රනාන්දු දුවද්දී දැවීයාමකට හසුවීමත් සමඟයි.

මේ අතර කමිඳුට මෙම ඉනිමේ දී තවත් එක් ලකුණක් රැස්කිරීමට හැකිවූවා නම්, ඔහුට මීට වසර 48කට පෙර පාකිස්ථාන ක්‍රීඩක ජාවේඩ් මියැන්ඩාඩ් පිහිටුවා තිබූ ලෝක වාර්තාවක් අභිබවා යාමේ අවස්ථාව හිමිව තිබුණා.

ඒ, පිතිකරුවෙකු ටෙස්ට් වරම් දිනාගෙන ක්‍රීඩා කළ පළමු ඉනිම් 04දී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින්.

ජාවේඩ් මියැන්ඩාඩ් 1976 වසරේ දී නවසීලන්තයට එරෙහිව ක්‍රීඩාකළ ඉනිම් හතරේ දී ලකුණු 419ක් රැස්කරගෙන සිටිනවා.

මේ අතර කමිඳු මෙන්ඩිස් ද ඔහු ක්‍රීඩා කළ පළමු ටෙස්ට් ඉනිම් ඉනිම් හතර තුළ ලකුණු 419ක් රැස්කරගෙන මේ වනවිට ජාවේඩ් මියැන්ඩාඩ් සමඟ සමතැන පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
28
+1
5
+1
13
+1
14
+1
18
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29