බංග්ලාදේශය ගැන අයි.සී.සීයේ අවසන් තීරණය ලබන සතියේ – බංග්ලාදේශය තවමත් දැඩි තීරණයක

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (17) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිත ඇන්ඩෲ එෆ්ග්‍රේව් සමඟ පැවති විශේෂ රැස්වීමක දී 2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඉන්දියාවට නොයන බවට සිය ස්ථාවරය දැඩිව ප්‍රකාශ කර තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායමට පවතින ආරක්ෂක ගැටළු උපුටා දක්වමින් බංග්ලාදේශ කණ්ඩායමේ ලෝක කුසලාන තරඟ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන යන ලෙස ඔවුන් මෙහිදී යළිත් වරක් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

නැවත නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එම ස්ථාවරයම ප්‍රකාශ කිරීමත් සමඟ, වැඩිදුර අභ්‍යන්තර සාකච්ඡාවලින් පසුව අයි.සී.සීය සිය අවසන් තීරණය ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට ඉඩ පවතින බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ පැවති සාකච්ඡා ඵලදායී, සුහදශීලී සහ වෘත්තීයමය ආකාරයකින් පැවති බවත්, අදාළ කරුණු සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් විවෘතව සම්බන්ධ වූ බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරන්නේ.

බංග්ලාදේශය වෙනත් කාණ්ඩයකට ගෙන යාමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බවත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනයේ සඳහන්.

එවැනි තීරණයක් ගනු ලැබුවහොත් මේ වනවිට C කාණ්ඩයේ සිටින බංග්ලාදේශ කණ්ඩායම B කාණ්ඩයට මාරුකර B කාණ්ඩයේ සිටින අයර්ලන්තය C කාණ්ඩයට මාරුකළ යුතු වනවා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට මූලික වටයේ දී ඉන්දියාවේ තරග කිරීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

B කාණ්ඩයේ තරගකරන අනෙකුත් කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ ඕමාන කණ්ඩායම පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04