බංගලීන්ට එරෙහි අවසන් ටෙස්ට් තරගයෙන් මිලාන් ඉවතට

අනිද්දා (25) පැවැත්වීමට නියමිත සංචාරක බංග්ලාදේශයට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් වේග පන්දු ක්‍රීඩක මිලාන් රත්නායක ව ඉවත් කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේ දී පන්දු රැකීමට යාමේ දී ඇති වූ වම් අතෙහි ආබාධයක් හේතුවෙන් මෙලෙස මිලාන්ට දෙවැනි තරගය අහිමි වනු ඇති.

මිලාන් වෙනුවට විශ්ව ප්‍රනාන්දු ව කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මිලාන් රත්නායක පළමු ටෙස්ට් තරගයේ දී ඉනිම් දෙකෙහි ම කඩුලු 04ක් බිඳ දමමින් පිත්තෙන් එක් ඉනිමක දී ලකුණු 39ක් රැස් කරගැනීමට ද සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?