පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප ඉහළට

පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප ඉහළ නැංවීමට කම්කරු අමාත්‍යාංශය යෝජනා කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 21,000ක් දක්වා වැඩි කිරිමට යෝජනා කර තිබෙනවා. විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේ පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අවධානය යොමුවූ බව සඳහන්.

කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා කියා සිටියේ වර්තමානය වනවිට පෞද්ගලික අංශ සේවක වැටුප් ගැටලුව දැඩිව මතුවී ඇති බවයි .දැනට රුපියල් 12,500ක් වූ පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප රුපියල් 21,000 දක්වා ඉහළ නැංවීමට කම්කරු අමාත්‍යාංශය යෝජනා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
11
+1
0
+1
0
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?