AFC Banner
AFC Banner
Empty Ad

පෝලන්ත තරුණියන් දැක සිල් බිඳගත් හිමිනම අත්අඩංගුවට

පෝලන්ත ජාතික 26 හැවිරිදි තරුණියකට අතවර කළ බව කියන හිමිනමක් හපුතලේ පොලිසිය විසින් අද (06) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ විහාරස්ථානය වැඩ විසූ වයස අවුරුදු 18ක හිමිනමක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සංචාරයක් සඳහා මෙරටට පැමිණි පෝලන්ත ජාතික තරුණියන් දෙදෙනෙක් ඊයේ (05) එම විහාරස්ථානය අසල මාර්ගයේ ගමන් කරමින් සිටිය දී සැකකාර හිමිනම ඔවුන්ට පවසා ඇත්තේ විහාරස්ථානය නැරඹීමට පැමිණෙන ලෙසයි.

එම ආරාධනයට අනුව අදාළ විදෙස් තරුණියන් දෙදෙනා විහාරස්ථානයට ගොස් ඇති අතර, එහිදී විහාරස්ථානයේ ඇති ස්ථාන සැකකාර හිමිනම ඔවුන්ට පෙන්වා තිබෙනවා.

පසුව හිමිනම, එක් තරුණියක් විහාරස්ථානයේ ඇති දේවාලය තුළ කැඳවාගෙන ගොස් ඇති අතර එහිදී ඇයගේ ශරීරය අනවශ්‍ය ලෙස ස්පර්ශ කරමින් අතවරයට ලක්කර ඇති බවටයි වාර්තා වන්නේ.

අනතුරුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පෝලන්ත ජාතික තරුණිය හපුතලේ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුවයි සැකකාර හිමිනම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු හිමිනම අද (06) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි හපුතලේ පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
16
+1
33
+1
4
+1
6
+1
6
+1
14
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?