පොහොර සහනාධාර සල්ලි ඕන නම් වී මිලදී ගැනීමට යෙදවිය හැකියි – කෘෂි ඇමති (වීඩියෝ)

පොහොර මිලදී ගැනීමට රජයෙන් ලබාදෙන සහනාධාරය අනවශ්‍ය බවට ගොවි සංවිධාන ප්‍රකාශ කරන්නේ නම් එම මුදල්, වී මිලදී ගැනීම සඳහා යෙදවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

දිස්ත්‍රික්ක 25 නියෝජන කරන ගොවි සංවිධාන සමඟ පැවති සකච්ඡාවක දී ඔවුන්ගේ ඉල්ලීම මෙය වූ බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ මෙය ක්‍රියාවට නැංවිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ගන්නොරුව ප්‍රදේශයේ ඊයේ (22) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පොහොර මිලදී ගැනීමට වෙනුවෙන් ගොවි ජනතාවගේ ගිණුම්වලට මුදල් සහනාධාරයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා, එහිදී හෙක්ටෙයාරයකට රුපියල් 15,000ක මුදලක් ලබාදෙන බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?