පොහොර ප්‍රශ්නයට අත දැමු හිටපු ජනපති

මෙරටට ගෙන්වන පොහොර සාම්පල තුන්වන පාර්ශ්වයක් යටතේ පරීක්‍ෂා කරනවාට තමා විරුද්ධ බව හිටපු ජනාධිපති හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර සිටිනවා.

තුන්වන පාර්ශ්වයක් අවශ්‍ය වන්නේ සාමාන්‍යයෙන් රටවල් දෙකක යුද්ධයක් ඇති වුවහොත් එය සමනය කිරීමට බව ද හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.

දේශීය විද්වතුන් සහ විශේෂඥයන් පොහොර පිළිබඳව තත්ත්ව පරීක්‍ෂණ කර ඒ පිළිබඳව දෙන නිර්දේශ අපි පිළිගත යුතු බවත්, තුන්වන පාර්ශ්වයක් ඒ සඳහා අවශ්‍ය නොවන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

චීනයට තියා වෙනත් කුමන රටකටවත් බලහත්කාරයෙන් මෙරටට වැලි ඇටයක් දමන්නවත් කිසිම අයිතියක් නැති බවයි හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?