spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරු 30ක් සජබය සමඟ සන්ධාන ගත වී මීළඟ මැතිවරණයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කර පාර්ලිමේන්තුවට පැමිණ මේ වනවිට විපක්ෂයේ අසුන්ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30ක් පමණ ඉදිරි මැතිවරණයේ දී සමගි ජනබලවේගය සමඟ සන්ධාන ගත වී තරග කිරීමට නියමිත බව සමගි ජනබලවේග මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

දැනටමත් ඒ සම්බන්ධයෙන්වන සාකච්ඡා සිදුකර අවසන් බවයි මහ ලේකම්වරයා සඳහන් කළේ.

අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශයේ සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ බුද්ධි අංශයේ කියන අය ආණ්ඩුව පෙරළීමට දේශපාලන කුමන්ත්‍රණ සිදුකරනවා නම් තමන් ඊට විරුද්ධව කටයුතු කර බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?