පොසොන් උත්සවය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙනවා.

ඒ, අනුව සියළුම පොලිස් බල ප්‍රදේශ සඳහා විධිමත් ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් සියළුම ස්ථානාධිපතිවරුන් ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

සෑම පොලිස් වසමක් තුළම දිවා/රාත්‍රී වශයෙන් ජංගම සංචාර, පාමුර / පාපැදි, බීට්ටු සංචාර හා යතුරුපැදි සංචාර ක්‍රියාත්මක කර, ප්‍රදේශය තුළ මනා සංචාරක ක්‍රම වේදයක් ක්‍රියාත්මක වන අතර අධික රථවාහන ගහනයක් ඇති වීමට ඉඩ ඇති ස්ථාන ආවරණය වන පරිදි රථවාහන නිලධාරීන් යොදවනු ලබන බවයි දැනුම් දෙන්නේ.

එමෙන්ම මෙම කාලසීමාව තුල බුද්ධි නිලධාරීන් යොදවා නීති විරෝධි ක්‍රියා මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට කටයුතු කෙරෙන අතර, මහා මාර්ගයේ ධාවනය වන රථ වාහන රිය අනතුරු වලට තුඩු දෙන බීමත්ව රිය පැදවීම, අධික වේගයෙන් රිය පැදවීම හා අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන අතර එවැනි රියදුරන්ට එරෙහිව නෛතිය ගැනීමට ක්‍රියා කරනු ඇති.

මෙම කාලසීමාව තුල පූජනීයත්වයට හානිදායක වන ලෙසට හා ආගමික අවස්ථාවන්ට සහභාගී වන බැතිමතුන්ට පීඩාකාරි වන ලෙස කටයුතු කරන ඇතැම් පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධයෙන් පොලිසිය නිරන්තර අවධානයෙන් සිට ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබන බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

ඒ අනුව පොසොන් උත්සව කාල සීමාව තුළ සාමයට බාධා නොවන ලෙස, ආගමික කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂයෙන් පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

5 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39