AFC Banner
Empty Ad
Empty Ad

පොලිසිය, මූණට ඇ+සිඩ් විසිකළා කියලා කෑගසන සිදුවීම ගැන ස්ථානාධිපති හඬ අවදි කරයි – Exclusive

අද දහවල් අගලවත්ත පොලිසිය වැටලීමක් සිදුකිරීමට යන අවස්ථාවකදී ඇතිවූ සිදුවීමක් ගැන අප වාර්තා කළා.
එහි සඳහන්ව තිබුණේ පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ බවට පවසන පුවතක්.
මේ සම්බන්ධයෙන් අප අගලවත්ත ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු පැවසුවේ මෙවැන්නක්.

“අපි වැටලීම් රාජකාරියකට ගියා.. මෙම ස්ථානයේ ගංජා විකුණනවා කියලා අපට පැමිණිලි ඇවිත් තිබුණා.
ඒ තොරතුර මත අපි පොලිස් කණ්ඩායමක් සමග අදාල ස්ථානය සහ එම ස්ථානයේ සිටි පුද්ගලයන්ව පරීක්ෂා කළා.
ඒ පරීක්ෂා කිරීම සිදුකරලා අපි එන්න හදද්දි එක පාරම කෑගැහුවා පොලිසියෙන් ගැහුවා කියලා.
ඇසිඩ් ගැහුවා කියලයි ඔවුන් කෑගැහුවේ.
මේ කාටවත් තුවාලයක්වත් තිබුණේ නෑ.. ඔවුන් මේ වෙද්දි රෝහල්ගත වෙලා තියෙනවා.
වීඩියෝ එකේ කෑගහන්නේ ඇසිඩ් ගැහුවා කියලා.
එහෙම කිසිම සිදුවීමක් නෑ.. එතන හිටපු අයම කියලා තියෙනවා ගංජා විකුණනවා අල්ලන්න කියලා.
මීට කළිනුත් තුන් හතර පාරක් මේ පුද්ගලයාව අල්ලලා තියෙනවා.
මේ පුද්ගලයා ගංජා ජාවාරමේ නිරත වෙන පුද්ගලයෙක්. මීට කළිනුත් ගංජා විකුණලා නඩු තියෙනවා. වරදත් ඔහු පිළිඅරන් තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?