පොලිසිය නිධන් හාරලා මාට්ටු

පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ නිවසක ගෙවත්තක් තුළ නිධානයක් ගැනීමට කැණීම් කළ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු ඊයේ (3දා) දින අලුයම අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. මෙම වැටලීම සිදුකර ඇත්තේ වැලිකන්ද පොලිස් බුද්ධි විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගේ තොරතුරක් අනුව වැලිකන්ද පොලිසිය විසිනි වැලිකන්ද අංක 101, මොනරතැන්න යන ලිපිනය සහිත ඉඩම තුළ නිධානයක් ගැනීමට උත්සාහ කරමින් කැණීම් කර සිටියදී පොලිසිය විසින් මෙම පිරිස සහ කැණීම් කරන ලද උපකරණ ඇතුළු පූජා භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබේ. කඩවත පදිංචි තිදෙනකුත් රාගම සහ මුල්ලේරියාවේ දෙදෙනකුත් වැලිකන්ද මොනරතැන්න අයෙකුත් අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ අතර පොලිස් කොස්තාපල්වරයා සහ කපු තැනැත්තිය ලෙස සිටි කාන්තාව කඩවත පදිංචිකරුවන් බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.අත්අඩංගුවට ගත් උපකරණ අතර උදලු, කටු මිටි සහ පූජා භාණ්ඩ උපකරණ රැසක් තිබී ඇත. පොළොන්නරුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි වැලිකන්ද පොලිස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර, පොලිස් සැරයන් සෙනෙවිරත්න (6223) පොලිස් කොස්තාපල් (62607) යන නිලධාරීන් විසින් පොලිස් බුද්ධි විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගේ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ උපකරණ ඊයේ පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව වැලිකන්ද පොලිසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?