පොලිසියේ ලොකු පුටුවක වෙනසක් ?

ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන කටයුතු භාර තනතුරේ වෙනසක් සිදුවීමට නියමිත බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පරිපාලන කටයුතු භාර තනතුරේ කටයුතු කරන අතර, ඔහු එම තනතුරින් ඉවත් කිරීමට යන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ රාජකාරී වගකීම එනම් පරිපාලන කටයුතු භාර තනතුර වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පත් කිරීමේ සූදානමක් පවතින බවටයි තොරතුරු වාර්තා වුණේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න දරණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පත්කිරීමට නියමිත බව සඳහනන්.

පසුගිය කාලය තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සම්බන්ධයෙන් යම් අර්බුදකාරී තත්ත්වයන් වාර්තා වුණා.

පොලිස් පරිපාලන ධුරය සැලකෙන්නේ පොලිස්පතිවරයාට පමණක් දෙවැනි වන තනතුර ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?