AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියෙන් කොන්ත්‍රාත් මුදල් ඉල්ලා පුද්ගලයෙක් ගසක් උඩ විරෝධතාවයක

තමන්ට හිමි කොන්ත්‍රාත් මුදලක් ලබා නොදීමට විරෝධය පළ කරමින් පුද්ගලයෙකු බේරුවල නගරය ආසන්නනයේ ගසකට නැග විරෝධතාවයක නිරත වී තිබෙනවා.

තමන් මීට මාස 4කට පමණ පෙර මතුගම පොලිස් ස්ථානයේ ටෙන්ඩර් පටිපාටියකින් ලබාගත් ඉදි කිරීමකට අදාළ මුදල කලුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය තමාට ලබා නොදුන් බව පවසමිනුයි ඔහු මෙම විරෝධතාවයේ නිරත වන්නේ.

බේරුවල කාලවිල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම පුද්ගලයා බේරුවල නගරයේ ගසකට නැග විරෝධය පාමින් සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා අදාළ කොන්ත්‍රාත්තුව නිසි පරිදි අවසන් කර නොමැති බැවින් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය මතුගම ප්‍රාදේශීය සභාවෙන් නොලැබීම හේතුවෙන් අවශ්‍ය කොන්ත්‍රාත් මුදල ලබා දිය නොහැකි බවයි.

තමාට අදාළ මුදල නිසි පරිදි නොලැබීම හේතුවෙන් අදාළ මුදල ලැබෙන තෙක් ගස මත සිට විරෝධය ප්‍රකාශ කරන බවයි එම පුද්ගලයා ප්‍රකාශ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජෝන්ස්ටන් සගයා බලන්න වැලිකඩට ආපු අප්පච්චී #shaorts #viralvideo #trendingshorts #1millionviews
00:15
Video thumbnail
මඩකලපුව උසාවිය බිය වැද්දූ බෝම්බය - ජනතාව සීසීකඩ දුවයි
01:25
Video thumbnail
මාලිමාවෙන් Warning එකක් - පරීක්ෂණ ආරම්බ උණා විතරයි - හුචු හුචු ගාන්න එපා #npp #akd #arrested
10:02
Video thumbnail
Breaking news 🛑මහින්ද රාජපක්ෂත් වැලිකඩට - සිපිරිගෙට ගිය ජෝනස්ටන් සගයා බලන්න යයි
00:38
Video thumbnail
වැඩ බලන පොලිස්පති සංවේදී වෙයි - ඔක්කොම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්න එපා
07:31
Video thumbnail
නාමල් ඩේසි ආච්චිගේ මුණුපුරා වගේ - අද විපක්ෂය නන්නත්තාර වෙලා ඉන්නේ #npp #akd #nalindajayatissa
07:00
Video thumbnail
Breaking news🛑ශ්‍රී රංගාගෙන් විශේෂ හෙළිදරව්වක් - රිෂාඩ් බදියුදීන්ගේ පැටිකිරිය එළියට #breakingnews
07:09
Video thumbnail
ලොකු ටෝක්ස් දුන්න පුතාණෝ - රෑට රෑට ඡන්ද සිඟමනේ යයි
05:02
Video thumbnail
බෙංගාල බොක්කේ කැලඹීමෙන් උතුරු මුහදටත් බලපෑම් - අවධානයෙන් සිටින්න
02:18
Video thumbnail
මේ වගේ Media Show දාලා ජනාධිපතිගේ කාරුණික දැක්ම මිනිසුන් අතර වෛරයක් බවට පත්කරන්නේ දූෂිත නිලධාරීන්
06:30

?