පොලිසියට වෙඩි තියන්න හැදූ සැකකරුට යතුරුපැදිය දුන් පුද්ගලයා අත්අඩංගුවට

මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි තැබීමට උත්සහ දැරීමේදී අත්අඩංගුවට ගත්  සැකකරුවෙකුට යතුරු පැදියක් ලබාදුන් පුද්ගලයකු පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ නිවසකදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සමඟ අඩි දෙකක් පමණ දිගැති මන්නා පිහි දෙකක් ද සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය 19 වනදා මුල්ලේරියාව පොලිසිය සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී  සැක කටයුතු තී රෝද රථයක් නවතා එහි සිටි පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කිරීමේදී එම පුද්ගලයා සඟවාගෙන සිටි ගිනි අවියකින් පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි තැබීමට උත්සාහ කර තිබුණා.

වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එය වළක්වා සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරු  මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම සහ වෙඩි තැබීම් රැසකට සම්බන්ධ වරෙන්තු හයක් ඇති අපරාධ 28කට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී ඔහුට යතුරුපැදිය ලබාදුන් පුද්ගලයා මන්නා පිහි දෙක සමග අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු 44 හැවිරිදි පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40