පොලිස් ස්ථානාධිපතිවරුන් 184න් 182ක් ම පොහොට්ටුවේ පත්වීම්..!

පසුගිය 2021.01.01 සිට, 2021.11.03 දක්වා මෙම රජය යටතේ ස්ථානාධිපති ධුර ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් 184 දෙනාගෙන් නිශ්චිත ක්‍රමවේදය සපුරා සුදුසුකම් සහිතව එම තනතුර ලබාගෙන ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරුන් 02ක් පමණක් බව පොලිස්පතිවරයා පවසනවා.

සෙසු පොලිස් ස්ථානාධිපතිවරුන් 182 දෙනාම තමන්ගේ නිර්දේශවලින් තොරව පොහොට්ටුවේ දේශපාලනඥයින්ගේ බලපෑම මතම පත්වීම් ලබා ඇති ආකාරය පොලිස්පතිවරයා විසින් මීට මාස 05කට පෙර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇති අයුරු වාර්තාවෙන් හෙළිදරව් වී තිබෙනවා.

පසුගිය 14 වනදා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ගෙන්වා සිය නිවෙස්වලට ආරක්ෂාව තහවුරු නොකිරීම සම්බන්ධව තිත්ත කතාවෙන් බනින ලද මන්ත්‍රීවරුන් නිරුත්තර කරමින් පොලිස්පතිවරයා හෙළිදරව් කර තිබුණා.

පොහොට්ටු ආණ්ඩුව විසින් පොලිසිය දේශපාලනීකරණය කළ ආකාරය පිළිබඳ වූ පිළිකුල් සහගත ඇත්තය.

පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ පෞරුෂය, විනය සහ වගකීම හැඩගස්වමින් එම ධුරය සඳහා පොලිස් නිලධාරියෙක් හුරු කරන සම්ප්‍රදාය කරුණු 09ක් ඔස්සේ ඉතා පැහැදිළි ලෙස පෙළ ගස්වන පොලිස්පතිවරයා පෙන්වා දී ඇත්තේ එම ක්‍රමවේදය බිඳුණු අවස්ථාවල සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් වූ බවයි.

පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කරගත් පොලිසියේ ක්‍රමවේදය

පොලිස් ස්ථානාධිපතිවරයෙක් ලෙස නිලධාරියෙක් තෝරා ගැනීම, පුහුණු කිරීම සහ අත්දැකීම් සහ පලපුරුද්ද ක්‍රමානුකූලව ලබාදීම සඳහා අනාදිමත් කාලයක සිට හැඩගැසුනු සම්ප්‍රදායක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇත.

උප පොලිස් පරීක්ෂක තනතුරේ නිලධාරීන් පොලිස් ස්ථානවල ඇති විවිධ අංශවල වගකීම්වලට අනුයුක්ත කර ඇත්දැකීම් ලබා දීම, එසේ නිපුණතාවයක් සහිත නිලධාරීන් පොලිස් පරීක්ෂක හෝ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට පත් වූ විට පොලිස් ස්ථානයක කාර්යය එක් එක් අංශවලට බෙදා වෙන් කර නැති, සියලුම වගකීම් පොලිස් ස්ථානාධිපතිවරයාම දැරිය යුතු C හෝ D ලෙස පරිපාලන වර්ග කිරීමට යටත්වන කුඩා පොලිස් ස්ථානයක වගකීම් පවරා අත්දැකීම් ලබාදීම, අනතුරුව එම නිලධාරීන් ඊට වඩා පරිපාලන වගකීම් සහිත B හෝ A3 පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපති සේවයේ යෙදවීම.

අනතුරුව A1 හෝ A2 ලෙස ශ්‍රේණිගත කර ඇති වගකීම් බහුල, සංකීර්ණ පරිපාලන කටයුතු සහිත කාර්ය බහුල පොලිස් ස්ථානයකට ස්ථානාධිපතිවරයෙක් ලෙස ඉහත ධුරාවලිය යටතේ අත්දැකීම් ලබන නිලධාරීන් පත් කිරීම.

පොහොට්ටු ආණ්ඩුවේ ඕ.යි.සීලා,

එහෙත් පසුගිය 2021. 01.01 සිට, 2021.11.03 දක්වා මේ රජය යටතේ තනතුරු ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් 184 ගෙන් ස්ථානාධිපතිවරුන් තෝරා ගනු ලබන සම්මුඛ පරික්ෂණයටවත් නොපැමිණ එම තනතුරු ලබාගත් නිලධාරින් ගණන 126කි.

සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ එයින් අසමත් වූ පොලිස් නිලධාරීන් 03ක් දේශපාලන බලපෑම් මත පොලිස් ස්ථානාධිපති ධුර ලබාගෙන තිබෙනවා.

මින් පෙර කිසිදු පොලිස් ස්ථානයක ස්ථානාධිපතිකමක් නොකර A1 හෝ A2 පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයට නිලධාරීන් 13ක් පත් කර ඇත.

එමෙන්ම මින් පෙර කිසිම පොලිස් ස්ථානය ස්ථානාධිපතිකමක් නොදැරූ නිලධාරීන් 21 දෙනෙක් A3 පරිපාලන ඛාණ්ඩයේ පොලිස් ස්ථානවල ස්ථානාධිපති පත්වීම් ලබාගෙන තිබිණි.

B හෝ C ශ්‍රේණියේ පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයක් දරමින් සිට කෙලින්ම A3, A2 හෝ A1 ශ්‍රේණියේ ස්ථානාධිපති ධුරයට පත් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් ගණන 19ක්.

මේ පත්කරගැනීම් වලින් අනතුරුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම් මෙන්ම පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සැලකිය යුතු ලෙස වැඩි වී තිබුණු අයුරු ද සංඛ්‍යාලේඛණ සහිතව පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?