AFC Banner
Empty Ad

පොලිස් ස්ථානයක නිලධාරීන් 32කට කොවිඩ්

මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 32කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ඊයේ (26) දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයේදී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත.

ඒ අනුව එම නිලධාරීන් කුණ්ඩසාලේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව කාත්තන්කුඩි පොලීසිය සඳහන් කරයි.

අවට පොලිස් ස්ථානවල නිලධාරීන් කැඳවා කාත්තන්කුඩි පොලීසියේ රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?