පොලිස් ස්ථානයක් තුළ දී පුතා මවට ගිනි තබයි

පුත්‍රයෙකු විසින් පොලිස් ස්ථානයක් තුළ දී සිය මවට ගිනි තැබූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලිස් ස්ථානයක් තුළ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඉඩමක් සම්බන්ධයෙන් පවුල තුළ ඇති වූ ආරවුලක් මත එය විසඳා ගැනීම සඳහා මෙම මව සහ පුත්‍රයා ඊයේ (16) දිනයේ පොලිසියට වෙත කැඳවා ඇති බව සඳහන්.

එලෙස පැමිණි අවස්ථාවේ දී පුත්‍රයා විසින් මෙලෙස සිය මවට පෙට්‍රල් දමා ගිනිතබා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලිස් නිලධාරීන් මැදිහත්ව ගින්න නිවීමට කටයුතු කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් ද පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

මේ අතර සිය මවට ගිනි තැබීමේ පසු එය සැකකාර පුත්‍රයා විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

පිළිස්සුම් තුවාල ලබා සිටි හෙම්ලතා නැමති කාන්තාව වහාම රෝහල් ගත කිරීමටයි කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතකළ එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් 22 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
0
+1
12
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28
Video thumbnail
ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයක් ? ගෑස් හිඟයක් තියෙනවා..ටෝකන් නිකුත් කරනවා
05:29
Video thumbnail
තෙල් වැඩි කළ හැටි ගැන ආණ්ඩුවෙන් කතා දෙකක්..කවුද ඇත්ත කියන්නෙ ? සුත්‍රයට තමයි - නෑ සුත්‍රයට නෙමෙයි
05:37
Video thumbnail
විදුලි භාවිතය අඩුකරන්න රාත්‍රී කාලයේ ලයිට් ඕෆ් කරනවා..?
02:11
Video thumbnail
ඇයි ඇයි වීඩියෝ කරන්න.. නවත්තන්න ඕක
01:04
Video thumbnail
ගෙවල්වල ඉන්ධන රැස්කරගෙන ඉන්න ඉඩ දෙන්න බෑ
02:45