පොලිස් වාර්තාවකට රුපියල් දසදහසක් ගත් සැකකාර පොලිස් නිලධාරියා රිමාන්ඩ්

පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් දසදහසක අල්ලසක් ලබාගත් බව කියන නිලාවේලි ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(6) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ සිද්ධියට අදාලව සැකකරු පොලිස් වාර්තාවක් ලබා ගැනීම සඳහා රුපියල් දසදහසක අල්ලසක් ලබාගෙන ඇති බවයි.

නිලාවේලි ප්‍රදේශයේ පැමිණිලිකාරියක් විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරිය සඳහන් කර සිටියේ පුද්ගලිකව පවතින ආරවුලක් හේතුවෙන් මෙලෙස සැකකරුට පැමිණිලිකාරිය විසින් ව්‍යාජව චෝදනා ගොනු කර ඇති බවයි.

ඒ අනුව සුදුසු ඇප කොන්දේසියක් මත සැකකරුට ඇප ලබාදෙන ලෙස නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු අධිකරණයට ඉදිරිපත් නොකිරීම නිසා සැකකරු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සි පැපොල් ඇමතිතුමිය ගෙදර යවන්න හැමෝම එකතුවෙමු
14:44
Video thumbnail
පාසල්වලින් මුදල් එකතුකරන එක වහාම නවත්වන්න - ස්ටාලින්ගෙන් හෙළිදරව්වක්
10:58
Video thumbnail
නුසුදුසු වෙබ් අඩවියක් පළවීමේ වැරැද්ද රජය භාරගන්නවා..අපි පළා යන්නේ නෑ
02:44
Video thumbnail
ග්‍රෙගරි වැවට ගුවන් යානයක් කඩා වැ#යි..බේරගන්න..බේරගන්න..නියමුවන් දෙදෙනා සැනින් රෝහලට
03:45
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය - කෙඳිරි ගාන්න එපා
08:59
Video thumbnail
වැලිගම සභාවේ ලේකම්වරියට ත#ජනය කිරීම නිසා නිලධාරින් දැඩි විරෝධයක්..ජනතාව කුපිත වෙයි
04:44
Video thumbnail
මෝටර් රථයක ගැටී වි#සිවෙලා ගිය යතුරුපැදිය
00:55
Video thumbnail
ආණ්ඩුව වගේ කැත දේශපාලනයක් අපි කරන්නේ නෑ
06:57
Video thumbnail
හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
02:21
Video thumbnail
අර්චුනා උදෙන්ම ගේම ඉල්ලයි
03:25


?