ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉල්ලා අස්වීමට තීරණයට කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ; පෞද්ගලික හේතුවක් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.
ඊට අදාළ ලිපිය ද ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති අතර ඊට අදාළ අනුමැතිය ද හිමි ව තිබෙනවා.
මෙම තීරණය කිසිදු බලපෑමකට හෝ වෙනත් ආයතනික ගැටලුවක් මත නොව සිය පෞද්ගලික කරුණක් මත පදනම් ව පමණක් ගත් බව ඔහු සිය ලිපිය මගින් දැනුම් දී ඇති බව සඳහන්.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩභාර ගනු ලැබුවා.