පොලිස් නිලධාරීන්ගේ වැඩිකළ බටා දීමනාව අද (13) සිට ලබාදීමට නියමිතයි.
2024 අයවැයෙන් පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඉහළ දැමූ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව මෙලෙස අද සිට ලබාදීමට නියමිත බවයි වාර්තා වුණේ.
ඒ, අනුව කණිෂ්ඨ නිලධාරීන්ට රුපියල් 17,000ක් ලෙස ලැබුණු එම දීමනාව රුපියල් 11,800 කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබුණා.
පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව හෙවත් බටා දීමනාව මෙම සතියේ මුල සිට ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ද පසුගිය සතියේ පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
1
+1
+1
+1
4




