පොලිස් නිලධාරියෙකුගෙන් කාන්තාවකට අමානුෂික ප්‍රහාරයක්

මාතර – කඹුරුපිටිය – කටුකොටුවිල – බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී ඉඩම් ආරවුලක් මත පොලිස් නිලධාරියෙකු, ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් විසින් කාන්තාවකට සහ ඇගේ දරුවාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් වාර්තා වුණා.

පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව මේ වනවිට කඹුරුපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පහරදීමෙන් ඇයගේ හිසට සහ ඇස්වලට බලපෑම් සිදුව ඇති බැවින් ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අද මාතර මහ රෝහල වෙත යොමු කිරීමට නියමිත බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ මාතර – කඹුරුපිටිය – කටුකොටුවිල – බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු මවක් සහ ඇගේ 14 හැවිරිදි වැඩිමහල් පුත්‍රයායි.

අදාළ කාන්තාව විසින් නිරවුල් නො වූ ඉඩමක වැසිකිළි වළක් කැපීමට යාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමත් සමඟ මෙම පහරදීම සිදුව තිබුණා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කඹුරුපිටිය පොලිසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි. එහෙත්, පහර කෑමට ලක් වූ කාන්තාවගේ ඥාතීන් චෝදනා කළේ, පැමිණිලි කිරීම සඳහා කඹුරුපිටිය පොලිසිය වෙත ගිය අවස්ථාවේදී පැමිණිල්ල සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු නො කළ බවට යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර, රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12