ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා පොලිස් කොස්තාපල් තනතුරු වලට ආධුනිකයින් බඳවා ගැනීම පවනුවෙන් පවත්වන අවසන් සම්මුඛ පරීක්ෂණය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ දී මේ දිනවල ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඉහත තනතුරු සඳහා බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණයට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ඇතැම් අයදුම්කරුවන්ද සුදුසුකම් ලබා සිටින බව පොලිසිය පවසනවා.
එබැවින් උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හි දී සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටීමට කැඳවීම ලිපි ලැබී ඇති අයදුම්කරුවන් වෙතොත් ඔවුන් හට නියමිත දිනයට විභාගයට පෙනී සිටින ලෙස හා ඉන් අනතුරුව සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටීමට අභියාචනයක් ඉදිරිපත්කර වෙනත් දිනයක් ලබා ගැනීමට හැකි බව පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය මඟින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මේ සම්බන්ධව තොරතුරු දැනගැනීම සඳහා 011 2552736, 011 2552783 යන දුරකථන අංක ඔස්සේ වැඩිදුර තොරතුරු දන ගැනීමේ හැකියාව පවතිනවා.





