AFC Banner
AFC Banner
Empty Ad

පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙක් රෝහලේ

තිස්සමහාරාම ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වැටලීමක් අතරතුර දී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

28 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තිස්සමහාරාම පොලීසියට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සූදුපොළක් වැටලීමට ඊයේ (30) රාත්‍රියේ ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරියෙක් සහ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා අතර පොරබැදීමක් සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මකවීමෙන් එම පුද්ගලයා තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?