පොලිස් අත්අඩංගුවෙන් මිදී මුහුදට පැන්න සැකකරු රිමාන්ඩ්

බස් රථවල මගින්ට හිරිහැරවන ආකාරයට මුදල් එකතු කරමින් සිටියදී අත් අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරින්ගෙන් මිදී මුහුදට පනිනු ලැබූ සැකකරු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී මුහුදට පැන තිබූ අතර පසුව පොලිස් නිලධාරියෙකු මුහුදට පැන සැකකරු අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඇඹිලිපිටිය වැව්සිරිගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සැකකරුවෙක්.

මෙම සැකකරු ඥාති සොහොයුරෙක් සහ තවත් අයෙක් සමග ගාල්ල බස් නැවතුම්පොලේ බස් රථවලට නැග කුඩා ළමයෙකුගේ ඡායාරුපයක් සහිත ටිකට් පත් මගින්ට බෙදාදි එම ළමයා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් එය සුවපත් කර ගැනිමට බව පවසා මුදල් එකතු කර තිබෙනවා.

මෙසේ මුදල් එකතු කිරිම තමන්ට හිරිහැරයක් බවට මගීන් විසින් බස් නැවතුම්පොලේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියෙකුට පවසා ඇතැයි සඳහන්.

ඒ අනුව පොලිසිය බස් රථයට නැග පරීක්ෂා කිරිමට සුදානම්වු අවස්ථ‍ාවේ ටිකට් පොත් රැගෙන අනෙක් දෙදෙනා පළා ගොස් ඇති අතර මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී පොලිස් අත් අඩංගුවෙන් මිදී දිව ගොස් මහජන පොල පසුපසින් මුහුදට පැන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු පිටුපස දිවගිය සැරයන්වරයා ද වහාම මුහුදට පැන සැකකරු අල්ලාගෙන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට බාරදි තිතිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ විසින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29