AFC Banner
Empty Ad
Empty Ad

පොලිස්පති සම්බන්ධ ගැටලුව ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා එක්ව සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

හෝමාගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී පැවැත්වෙන ”ජයගමු ශ්‍රී ලංකා” ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා අද (28) මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බවත්, සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බවත් එය උල්ලංඝනය වීමට ඉඩ නොතබන බවත් ඔහු මෙහිදී පැවසුවා.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තියට අනුව රට තුළ ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට හිමි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පූර්ණ සහාය ලබාදීම සියලුදෙනාගේ පරම යුතුකම බව ද කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?