පොලිස්පති ධුරය ගැන අවසන් තීරණය අද

මේවන විට පුරප්පාඩු වී පවතින පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත් වීමට නියමිතව තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරනවාද ? නැතහොත් පොලිස්පතිව සිටි සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදෙනවා ද යන්න නිර්දේශ කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට පවරා ඇති බවටයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් අද (09) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ඒ පිළිබඳ අවසන් තීරයක් ගනු ඇති බව සඳහන්.

පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 25 වනදා විශ්‍රාම යෑමට නියමිතව සිටියදී ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබාදුන් අතර එම සේවා දිගුව පසුගිය ජුනි මස 25 වනදා අවසන් වුණා.

ඒ අනුව, අදාළ කාලසීමාව අවසන් වී අදට දින 13ක් ගතවී ඇති පසුබිමක මෙතෙක් පොලිස්පතිවරයෙකු පත්කිරීමට විධායකය විසින් පියවර ගෙන නැහැ.

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

එහිදී පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට ඒමට බොහෝදුරට ඉඩ ඇති බවත් අනතුරුව ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයෙකු පත් කරනු ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ප්‍රශ්නයකට කඩේ කු#ඩු කරපු චණ්ඩියා..වරෙන් එළියට..වරෙන්..මම ඇතුළට එන්නද?
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32