spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස්පති කෝ..? බුද්ධි අංශ කෝ..? – ආධාරකරුවන් කුලප්පු කර සාමකාමී අරගලයක් ගැටුමක් දක්වා ගෙන ගිය දේශපාලන හෙන්චයියෝ

අරලිය ගහ මන්දියරයට අද රට වටෙන්ම බස් රථ යොදාගනිමින් ජනතාව එක්කර තිබුණා.

මෙහිදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසක් එම පිරිස ඇමතුවා.

ඉන් පසුව අදාල පිරිස එම ස්ථානයෙන් විසිර ගිය අතර ඔවුන් මයිනාගෝගමට ප්‍රහාරයක් එල්ල කළා.
මෙම අවස්ථාවේදී එය නතර කර දැමීමට පොලිසිය කිසිදු උත්සහක් ගෙන තිබුණේ නැහැ.

ඉන් පසුව පොහොට්ටු ආධාරකරුවන් ගාලු මුවදොර පිටිය වෙත පැමිණි අතර එය හෝ නතර කිරීමට පොලිසිය උත්සහ ගැනීමක් සිදුව තිබුණේ නෑ.

කෙසේ වෙතත් මෙවන් මොහොතක එවැනි කළහකාරී සිදුවීමක් නතර කිරීමට හෝ කඳුළු ගැස් එල්ලකිරීමක් පොලිසිය විසින් සිදු නොකිරීම මෙවන් ගැටුමකට පගපැදීමක් බවයි බොහෝ දෙනෙකු අදහස් පලකළා.

සාමකාමී අරගලයකට මෙවන් නින්දිත ප්‍රහාරයක් එල්ල වීමට වගකිව යුත්තේ දේශපාලඥයන් නොවේද..?

මහින්ද රාජපක්ෂට සහය පලකිරීමට පැමිණි පිරිසට ආරවුලක් ඇති කර නොගන්නා ලෙස නායකත්වය දීමට හෝ නොහැකිනම් එවන් නායකත්වයක් රටට අවශ්‍යද..?

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහින්ද රාජපක්ෂ සහ අනෙකුත් දේශපාලඥයන් වගකීමකින් යුතුව ක්‍රියාකරන්නේනම් තම ආධාරකරුවන්ට කිසිදු ගැටුමක් ඇති කර නොගන්නා ලෙසට පැවසීමට හෝ නොහැකිනම් මෙය ඔවුන්ගේම උපක්‍රමයක් නොවන්නේද..?

බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිස්පතිවරයා මෙවන් ගැටුමක් ඇතිවේයැයි හෝ නොදැන සිටියාද..?

අනෙකුත් සිදුවීම්වලට බුද්ධි අංශ තොරතුරු ලැබූ බව පුරසාරම් දොඩවද්දී මෙවන් ගැටුමක් ඇතිවේයැයි හෝ දැන නොසිටින්නට තරම් මේ රටේ බුද්ධි අංශ කඩා වැටිලාද..?

එසේත් නොවේනම් දේශපාලඥයාට දණ ගසා ඔවුන්ගේ බස් වලට වැඩ කරන පොලිසියක් මෙරට ක්‍රියාත්මක වනවාද..?
බුද්ධිමත් ජනතාවගේ සිතීම වෙනුවෙනි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?