පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවට ඇතුළත් වෙයි

අමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ලොව ඉහළම ධනවතුන්ගේ නවතම ලැයිස්තුවට ඇතුළත්වීමට සමත්ව තිබෙනවා.

Forbes විසින් ලැයිස්තුගත කරන ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවට ටේලර් ස්විෆ්ට් මෙලෙස ඇතුළත්ව ඇත්තේ ප්‍රථම වරටයි.

ඒ අනුව ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ශ්‍රේණිගත කිරීමක් වන Forbes World’s Billionaires සඳහා එලොන් මස්ක් සමඟ එක්වීමට ටේලර් ස්විෆ්ට්ට හැකි වී ඇත්තේ ඩොලර් බිලියන 1.1ක වත්කමක් සමගිනි.

ෆෝබ්ස් සඟරාව සඳහන් කරන්නේ, 2024 සඳහා වාර්තාගත බිලියනපතියන් 2,781ක් සිටින බවයි.

ෆෝබ්ස් සඟරාවට අනුව මෙම පිරිසගේ සාමූහික ධනය ඩොලර් ට්‍රිලියන 14.2ක්.

අමෙරිකානු පොප් ගායිකා ස්විෆ්ට් ධනවත් ලැයිස්තුවට ඇතුළත් වන්නේ මෙගාස්ටාර් ගරුනාමය ලබා ගැනීමෙන් පසුවය.

ඇය මෙම වසරේ ග්‍රැමී සම්මාන උලෙළේ දී වැඩිම අවධානයක් දිනාගත් අතර වසරේ ඇල්බමය සඳහා සිව් වතාවක් ත්‍යාගය දිනාගත් පළමු ශිල්පිනිය බවට ද පත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?