පොන්ටින් අභිබවා යමින් ජෝ රූට්ගෙන් ටෙස්ට් පිටියේ වාර්තාවක්

රිකී පොන්ටින් අභිබවා යමින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන තැනට පැමිණීමට එංගලන්ත ක්‍රීඩක ජෝ රූට්ට හැකියාව ලැබුණා.

ඉන්දියාවට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි දී පැවැත්වෙන සිව්වන ටෙස්ට් තරගයේ දී ජෝ රූට් මෙම වාර්තාව පිහිටුවීමට සමත් වුණා.

ඒ, අනුව ජෝ රූට් මේ වනවිට ජාත්‍යන්තර ටෙස්ට් තරග 157 කට ක්‍රීඩා කරමින් ලකුණු 13409ක් රැස් කරගෙන සිටිනවා.

ඕස්ට්‍රේලියානු හිටපු නායක රිකී පොන්ටින් ටෙස්ට් පිටියේ ලකුණු 13,378ක් රැස්කර ගනිමින් මෙතෙක් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ දෙවන තැන පසුවුණා.

කෙසේ වෙතත් ජෝ රූට් එම ලැයිස්තුවේ දෙවන තැනට පැමිණීමත් සමඟ රිකී පොන්ටින්ගේ නම මේ වනවිට එහි තුන්වන ස්ථානයේ දක්වා එක ස්ථානයක් පහළට ගියා

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර පළමු තැන ඉන්දීය හිටපු ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් පසුවනවා.

සචින් ජගත් ටෙස්ට් පිටියේ රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 15921ක්.

මේ අතර සචින් තෙන්ඩුල්කාර් පසුකර යමින් ජගත් ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට මේ වනවිට 34 වන වියේ පසුවන ජෝ රූට්ට තවත් ලකුණු 2,513ක් රැස්කරගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11