spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොදු ප්‍රවාහන රථවාහන ආනයන සීමා ලිහිල් කිරීමේ චක්‍රලේඛය සංශෝධනයට

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගැනෙන බස් රථ සහ ලොරි රථ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කරමින් පසුගිය දා නිකුත්කළ චක්‍රලේඛය ඉදිරි දින කිහිපය තුළදී යළි සංශෝධනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පොදු ප්‍රවාහන සේවාවන් සඳහා යොදාගැනෙන රථ වාහන සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් නිකුත් කළ චක්‍රලේඛය මඟින් වසර 10ක් පමණ පැරණි වාහන ගෙන්වීමට අවසර හිමි වූ බවයි.

දෙහිඕවිට ප්‍රදේශයේ ඊයේ (27) පස්වරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අවුරුදු 10ක් පමණ පැරණි වාහන ගෙන්වීමේ දී ඒවායේ මිලගණන් අඩු වුවත්, නඩත්තු වියදම, අමතර කොටස් සඳහා යන මිල ගණන් මෙන්ම ඉන්ධනවලට යන වියදම ආදිය සාපේක්ෂව වැඩිවීම හේතුවෙන් ඒ පිළිබඳව නැවත සලකා බැලීමක් කිරීමට සිදුවූ බවයි ඔහු පැවසුවේ.

කෙසේ වෙතත් පෙර නිකුත් කළ චක්‍රලේඛය පසුගිය 14 වනදා දක්වා වලංගුව පැවති බැවින් එම කාලය තුළ ණයවර ලිපි නිකුත් කළ අය වේ නම්, පැවති චක්‍රලේඛය අනුව වාහන ගෙන්වීමට අවසර හිමිවන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම අනවශ්‍ය නඩත්තු වියදම්, අනවශ්‍ය අමතර කොටස් වියදම් හා අනවශ්‍ය ඉන්ධන වියදමක් ඇති නොවන ආකාරයෙන් බස් රථ හා ට්‍රක් රථ මෙරටට ආනයනය කිරීම සඳහා සුදුසු කාලයකට බලපැවැත්වෙන පරිදි නව චක්‍රලේඛය ඉතා කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?