පේරාදෙණිය රෝහල ඇතුලේ දී ඇසිඩ් ප්‍රහාරයක්

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දෙවන මහලේ වෛද්‍ය සායනය අසලදී (28) දහවල් 2.30 ට පමණ පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුව ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයක් නිසා එම පුද්ගලයා සහ තවත් එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයා රෝහල් කාර්ය මණ්ඩලය හා රෝහල් ආරක්ෂක අංශ විසින් අල්ලාගෙන පේරාදෙණිය පොලීසිය වෙත භාර දී තිබෙනවා.

මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන ප්‍රියන්ත ධර්මසේන අය විසින් ඔහුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වන ලද පුද්ගලයා හට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් මෙම හේතුවෙන් රෝහල වෙත පැමිණ සිටි කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පූද්ගලයින් දෙදෙනකු මෙම ඇසිඩ් ප්‍රහාරයට ලක්ව පේරාදෙණිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.

මෙයින් ඇසිඩ් ප්‍රහාරයට ඉලක්කය වූ පුද්ගලයාගේ ඇස්වලට හානි වී ඇති බැවින් ඔහු වැඩි දුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලේ අක්ෂි වෛද්‍ය ඒකකය වෙත මාරු කර යැවීමට කටයුතු කළ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කුමුදු බණ්ඩාර මහතා සඳහන් කළා.

අනෙක් පුද්ගලයන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

සිද්ධිය සමිබන්දව පේරාදෙණිය පොලිසි පරීක්ෂණ සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33