පෙළ පොත් සහ නිල ඇදුම් රෙදි ලැබී නැත්නම් දැනුම්දෙන්න

රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත 2024 වර්ෂය‍ට අදාළව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව සියලු‍ පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලු‍ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වනවිටත් ලබා දී අවසන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබද පහත දුරකථන, ෆැක්ස් හෝ ඊමේල් මගින් වහාම දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දන්වා සිටිනවා.

පෙළ පොත් සඳහා – දුරකථන අංක – 0112784815/0112785306
ෆැක්ස් – 0112784815
විද්‍යුත් ලිපිනය [email protected]

නිල ඇඳුම් රෙදි සඳහා – දුරකථන අංක – 0112785573
ෆැක්ස් – 0112785573
විද්‍යුත් ලිපිනය – [email protected]

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?