පෙර ආණ්ඩු හැංගූ පාස්කු වාර්තාවේ සියලු කොටස් මං CID වෙත යැව්වා – ජනාධිපති (වීඩියෝ)

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු ම දෙනා හෙළි කිරීමට අවශ්‍ය තීන්දු තීරණ පියවරෙන් පියවරට ගෙන ඇති බවත්, ඒවා ඉදිරියටත් ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (20) දින පොළොන්නරුවේ මැතිවරණ රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

පෙර රජයන් විසින් හෙළි නොකරන ලද පාස්කු සිද්ධිය පිළිබඳ වන ජනාධිපති කොමිෂන් වාර්තාවේ හැංගූ කාරණා සියල්ලම අඩංගු කර තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම වාර්තාව වැඩිදුර විමර්ශන සඳහා යැවූ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර, ඒ අදාළ ස්ථානයට ජැකට් දැමීමේ සිදුවීමේ සිට බොහෝ අපරාධමය සිදුවීම් මෙම ප්‍රහාරය වටා ඇති බවටයි ජනාධිපතිවරයා පැවසුවේ.

එබැවින් මෙම සිද්ධීන් එකිනෙක පිරික්සමින් පූර්ණ විමර්ශනයක් සිදුකර සියලුම දේ මහජනතාවට නිරාකරණය කරදෙමින් සැබෑ වග උත්තකරුවන් එළියට ගැනීමට තමන් කටයුතු කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?