පෙර ආණ්ඩු හැංගූ පාස්කු වාර්තාවේ සියලු කොටස් මං CID වෙත යැව්වා – ජනාධිපති (වීඩියෝ)

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු ම දෙනා හෙළි කිරීමට අවශ්‍ය තීන්දු තීරණ පියවරෙන් පියවරට ගෙන ඇති බවත්, ඒවා ඉදිරියටත් ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (20) දින පොළොන්නරුවේ මැතිවරණ රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

පෙර රජයන් විසින් හෙළි නොකරන ලද පාස්කු සිද්ධිය පිළිබඳ වන ජනාධිපති කොමිෂන් වාර්තාවේ හැංගූ කාරණා සියල්ලම අඩංගු කර තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම වාර්තාව වැඩිදුර විමර්ශන සඳහා යැවූ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර, ඒ අදාළ ස්ථානයට ජැකට් දැමීමේ සිදුවීමේ සිට බොහෝ අපරාධමය සිදුවීම් මෙම ප්‍රහාරය වටා ඇති බවටයි ජනාධිපතිවරයා පැවසුවේ.

එබැවින් මෙම සිද්ධීන් එකිනෙක පිරික්සමින් පූර්ණ විමර්ශනයක් සිදුකර සියලුම දේ මහජනතාවට නිරාකරණය කරදෙමින් සැබෑ වග උත්තකරුවන් එළියට ගැනීමට තමන් කටයුතු කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?