පෙරේදා රෑ ඇමරිකාවෙන් කට්ටියක් ඇවිත් යුගදනව් බලාගාරය ලියාගෙන ගිහින්

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව නොපැවැත්වීමට විරුද්ධව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ අදහස් පල කර සිටියේය .

‘ගරු කථානායකතුමනි හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව පැවැත්විම වැළක්වීමට යෝජනාවක් ගෙනල්ලා තියනවා .ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ අපිට පාර්ලිමේන්තු කටයුතු දින 25ක් නැති වුනා. රටේ ප්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙනවා. පාර්ලිමේන්තුව හෙටත් අනිද්දාත් වහලා බාර් අරිනවා.

ගරු කථානායකතුමනි අපි කතා කරන්න ඕනේ ආණ්ඩුවේ නියාය පත්‍රය අනුව. මේ සතියේ විදුලි බලමණ්ඩලය පිළිබද කිසිම දෙයක් නැ. නමුත් පෙරේදා රාත්‍රියේ ඇමෙරිකාවෙන් කට්ටියක් ඇවිත් යුගදනව්ව බලාගාරය 40%කට අත්සන් කරලා ගත්තා. කොහෙද මේවා කතා කරන්නේ.

ආණ්ඩුව කිව්වා කොරෝනා අඩුවෙලා කියලා. කොරෝනා අඩුවෙලා නම් ඇයි පාර්ලිමේන්තුව කල් දාන්නේ. මොකක්ද පදනම.

ගරු කථානායකතුමනි ඔබ තුමා ඉන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. නැතුව ආණ්ඩුව කියන කියන විදියට වැඩ කරන්න නෙවේ. අපිට හෙට දවස ලබා දෙන්න මොකද මේ විදුලි බලාගාරය පිළිබද කතා කරන්න ඕනේ’

– මාධ්‍ය ඒකකය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !