Empty Ad
AFC Banner
Empty Ad

පෙම්වතුන් යුවළගේ යතුරුපැදිය මෝටර් රියේ හැපී පෙරළුණාම, කැබ් රථයක් පෙම්වතියගේ ඇඟ උඩින් ගිහින්

පෙරේදා (22) රාත්‍රීයේ පිළියන්දල මොරටුව පාරේදී තරුණ පෙම්වතුන් යුවළක් ගමන් ගත් යතුරුපැදියක් මෝටර් රථයක ගැටී මාර්ගයේ පෙරළීමෙන් පසු ඔවුන් දෙදෙනා ඒ අසලින් ගමන් ගත් කැබ් රථයකට යට වීමෙන් පෙම්වතිය එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර පෙම්වතා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කළුබෝවිටියන, සඳසිරි කන්ද පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියක්. අනතුර සිදුකල කැබ් රථය පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 22 හැවිරිදි ඇගේ පෙම්වතා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙම යුවළ යතුරුපැදියෙන් පිළියන්දල දෙසට යමින් සිටියදී ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථය අතුරු මාර්ගයකට හැරවීම සඳහා වේගය අඩු කිරීමේදී යතුරුපැදිය මෝටර් රථයේ ගැටී එහි ගමන් ගත් මේ යුවළ මාර්ගයේ වැටී ඇති බව සඳහන්. ඒ අවස්ථාවේදී මොරටුව දෙස සිට පිළියන්දල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් ඔවුන් දෙදෙනාගේ ශරීරය මතින් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිස් නිළධාරියෙක් සඳහන් කළා. පලා ගිය කැබ් රථය සුදුපාටට හුරු එකක් බවට සීසීටීවී දර්ශන-වලින් පැහැදිලි වන බව පොලිසිය පැවසුවා. මරණ පරීක්ෂණය පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා විසින් සිදුකරනු ලබයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?