පෙම්වතිය තරුණ ව්‍යාපාරිකයාට මරු කැඳවයි

ෆේස්බුක් ඔස්සේ තරුණියක හඳුනා ගැනීමට සලස්වා ඇය හමුවීම සඳහා පැමිණි තරුණ ව්‍යාපාරිකයකු අතරමඟදී පැහැරගෙන ගොස් ලණුවකින් ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියක් අනාවරණය කර ගැනීමට සීදුව පොලිසියට හැකිව තිබෙනවා.

පැහැරගෙන ගොස් මරා දැමුණු මෙම ව්‍යාපාරිකයාගේ සිරුර කොටවෙහෙර ප්‍රදේශයේ කැලෑවක දමා ගොස් තිබියදී සොයාගැනීමට පොලිසියට හැකි වී තිබුණා.

මේ අතර මේ පිළිබඳ විමර්ශනය සිදුකළ සීදුව පොලිසියේ නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ මරාදමන ලද තරුණ ව්‍යාපාරිකයාගේ නැන්දණියද මෙලෙස කපා කොටා මරා දමා ඇති බවයි.

ඇය ඝාතනය වන්නේ 2018-01-12 වැනිදා බව සඳහන් කරන පොලිසිය එකී සිද්ධිය සම්බන්ධයෙන්ද මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර එම ඝාතනය මෙතෙක් අබිරහසක්ව පැවැති බවද සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා ව්‍යාපාරිකයා සමඟ ආදර සම්බන්ධයක් පවත්වා ඔහු රවටා සැලසුම් කළ පරිදි සීදුව ප්‍රදේශයට ගෙන්වා ගත් විසි දෙහැවිරිදි තරුණියද මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ඝාතනයේ සැලසුම්කරුවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මග්ගොන, දියලගොඩ පදිංචි ශාමෙන් හිරන්ත නමැති අයෙකි.

පොලිසිය පවසන අන්දමට ශාමෙන් අදාළ ෆේස්බුක් මඟින් හඳුනාගත් තරුණිය හමුවීමට සීදුවට පැමිණ ඇත්තේ තවත් මිතුරකු සමඟ වෑන් රියකින් වන අතර තරුණිය මුණ ගැසී ඇය සමඟ කතාබස් කරමින් සිටියදී එතැනට වාහනයකින් පැමිණි කණ්ඩායමක් තරුණිය හා ශාමෙන් ඔවුන් පැමිණි රථයට බලහත්කාරයෙන් දමාගෙන තිබුණා.

අතරමඟදී රුපියල් විසිදහසක් දී තරුණිය වාහනයෙන් මුදාහැරි අතර ඇය සමඟ සිටි ශාමෙන් වාහනය තුළදීම ලණුවකින් ගෙල සිරකර මරා දමා තිබෙනවා.

පසුව ඔහුගේ සිරුර රැගෙන ගොස් කොටවෙහෙර ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක දමා මොවුන් යළි සිය නිවෙස්වලට ගොස් තිබුණා.

මෙම පැහැර ගැනීම සැලසුම් කළ මහ මොළකරු වීරකැටිය මිද්දෙණිය පාරේ, පදිංචිකරුවකු වනවා.

ව්‍යාපාරික ආරවුලක් මත මහ මොළකරු බව කියන පුද්ගලයා ආර්ථික අතින් ඉමහත් අපහසුතාවට පත්ව ඇති අතර ඒ පිළිබඳ වෛරයක් ඇති කරගත් ඔහු තරුණ ව්‍යාපාරිකයා මෙසේ මරා දමා ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?