විවාහ වී දින 15 ගතවීමටත් පෙර පෙම්වතා සමඟ එක්ව සැමියා ඝාතනය කළ බිරිඳක් පිළිබඳව පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
සැකකාර බිරිඳ පෙම්වතා සමඟ එක්ව සිය සැමියා ඝාතනය කිරීමට ඉන්දීය රුපියල් ලක්ෂ දෙක්ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ඕරයියා ප්‍රදේශයේ සිදු වූ මෙම අපරාධයට සැකකාර බිරිඳ සහ ඇයගේ පෙම්වතා ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය 19 වනදා කුඹුරක වැටී සිටි තුවාල ලැබූ පුද්ගලයෙකු පිළිබඳව පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම පුද්ගලයා බිදුනා හි ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා.
පසුව එම පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් කිහිපයකට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.
ඔහුව පසුගිය 20 වනදා ඕරයියා හි රෝහලකට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා 21 වන දින රාත්‍රියේ මියගොස් තිබෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසිය මිය ගිය දිලිප් යාදව් නැමැත්තාගේ බිරිඳ වන 22 හැවිරිදි ප්‍රගති යාදව් සහ ඇගේ පෙම්වතා අනුරාග් නොහොත් මනෝජ් නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
පසුව ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත් ඝාතකයා ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතකයා තවත් කිහිප දෙනෙකු සමඟ බයිසිකලයකින් දිලිප්ව කුඹුරකට ගෙන ගොස් පහර දී පසුව ඔහුට වෙඩි තබා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව හෙළිව ඇත්තේ.