පෙම්වතා මිතුරන් දෙදෙනා සමඟ එක්ව 15 හැවිරිදි පෙම්වතිය කෙලෙසලා

පෙම්වතා තම මිතුරන් දෙනෙකු සමඟ එක්වී 15 හැවිරිදි පෙම්වතිය සමූහ දූෂණය කළ සිද්ධියක් අක්මීමන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර පෙම්වතා සහ මිතුරෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අනෙක් සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අද (11) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.