AFC Banner
AFC Banner
Empty Ad

පෙම්වතාගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ මින්නේරිය තරුණිය මිය යයි

මින්නේරිය පොලිස් වසමේ යාය 04, ගිරිතලේ ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි 17 හැවිරිදි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම තරුණිය පොළොන්නරුව රෝහලේ දැඩිසත්කාර එක්ක්කයේ ප්‍රථිකාර ලබමින් සිටිය දී සති දෙකකට පසු අද (28) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

පසු ගිය 14 වනදා රාත්‍රියේ මෙම තරුණිය අවුරුදු සාදයක් සඳහා අසල්වැසි නිවසකට ගොස් සිටිය දී ඇයගේ අනියම් පෙම්වතා බව කියන පුද්ගලයා විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

වෙඩි තැබීම සිදුකළ සැකකරු පළාගොස් සිටිය දී මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 02 වනදා දක්වා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?