පෙබරවාරි මාසයේදී පාකිස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවල වැඩිවීමක්

2023 වසරේ පෙබරවාරි මාසයේදී පාකිස්ථානය ඉලක්ක කර එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරවල වැඩිවීමක් නිරීක්ෂණය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ එවැනි ප්‍රහාරවලින් ජනවාරි මාසයේදී සිදුවූ මරණ සංඛ්‍යාවට වඩා අඩු මරණ සංඛ්‍යාවක් පෙබරවාරි මාසයේදී සටහන් වන බවයි.

පෙබරවාරි මාසයේදී පාකිස්ථානයට එල්ල වූ ප්‍රහාර අතරින් කැපී පෙනන ප්‍රහාරය ලෙස සැලකෙන්නේ තහනම් සංවිධානයක් වන ටෙහෙරීක් ඊ තලේබාන් සංවිධානය විසින් කරච්චි පොලිස් මූලස්ථානයට එල්ල කළ ප්‍රහාරයයි.

ගැටුම් සහ ආරක්ෂක අධ්‍යයන සඳහා වන පාකිස්ථාන ආයතනය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, පාකිස්ථානය තුළ පෙබරවාරි මාසයේදී ත්‍රස්ත ප්‍රහාර 58ක් වාර්තා වී තිබෙනවා.එම ප්‍රහාරවලදී සිවිල් වැසියන් 27ක්, ආරක්ෂක නිලධාරීන් 18ක් සහ ත්‍රස්තවාදීන් 17 දෙනෙකු ඇතුළු 62 දෙනෙකුට දිවි අහිමි වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව එකසිය තිස් හතරක්.

මීට පෙර පාකිස්ථානයේ එක් මාසයකදී ත්‍රස්ත ප්‍රහාර පනස් අටක් වාර්තා වී තිබුණේ 2015 වසරේ ජුනි ජූනි මාසයේදී.
පාකිස්ථාන ගැටුම් සහ ආරක්ෂක අධ්‍යයන සඳහා වන ආයතනයේ වාර්තාවට අනුව 2023 ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී ත්‍රස්ත ප්‍රහාර සියයට 32කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී මරණ සංඛ්‍යාව පහත වැටී ඇත්තේ සියයට 56කින්.
ප්‍රහාර එල්ල වූ ප්‍රදේශ සැලකීමේදී කයිබර් පක්තුන්ක්වා යන ප්‍රදේශවලට එල්ල වී තිබූ ප්‍රහාර පහළ ගොස් තිබුණ ද කයිබර්හි ගෝත්‍රික ප්‍රදේශ සහ බලුකිස්තාන ප්‍රදේශයේ ප්‍රහාරවල ඉහළ යෑමක් දක්නට ලැබුණා.පන්ජාබ් සහ සින්ද් ප්‍රාන්තවල ද ත්‍රස්තවාදී ප්‍රහාර සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම කැපී පෙනෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ පාකිස්ථානයට පෙබරවාරි මාසයේදී එල්ලවී තිබූ මරාගෙන මැරෙන ප්‍රහාර සංඛ්‍යාව වැඩි වූ නමුත් ඒවායේ බලපෑම ජනවාරියේ තරම් විනාශකාරී වී නොමැති බවයි.
2023 පෙබරවාරි මාසයේදී වාර්තා වූ මරාගෙන මැරෙන ප්‍රහාර තුනකදී පුද්ගලයින් නව දෙනකු මිය මියගොස් තිස් හත් දෙනෙකු තුවාල ලබා තිබුණු අතර ජනවාරි මාසයේ දී එල්ල වී තිබූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකදී පමණක් පුද්ගලයින් 106 දෙනෙකු මියගොස් 216 දෙනකු තුවාල ලබා තිබුණා.

විදෙස් වාර්තාවන්ට අනුව මෙම කාල සීමාවේදී පාකිස්ථාන ආරක්ෂක අංශ අතින් සටන්කාමීන් පනස් පස් දෙනෙකු ඝාතනයට ලක්වී ඇති අතර රට පුරා සිදු කළ මෙහෙයුම්වලදී ත්‍රස්තවාදීන් හැත්තෑපස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ටෙහෙරීක් ඊ තලේබාන් සංවිධාන සහ පකිස්ථාන ආණ්ඩුව අතර පැවති සටන් විරාමය පසුගිය නොවැම්බර් මාසයේදී අවසන් වීමත් සමඟ සටන්කාමී සංවිධානය විසින් සිය ප්‍රහාර තීව්‍ර කර තිබෙන බව නිරීක්ෂණය වන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03