පෙට්‍රල් සහ ඩීසල් ගැන ඇමතිගෙන් දැනුම්දීමක්

තවත් ඩීසල් සහ පෙට්‍රල් තොගයක් හෙට (21) දිනයේදී ගොඩබෑම ආරම්භ කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර තිබේ.

පසුගිය දින දෙක තුළ දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් බෙදාහැර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.අද පෙරවරුවේ බෙදාහැරීම ආරම්භ කරන ලද පෙට්‍රල් 92 සහ 95 සියලුම ඉන්ධන පිරවුම්හල් ආවරණය වන පරිදි අඛණ්ඩව සපයන බවද දැනුම්දී ඇත.

  1. කියන්න දේවල් හිතා ගන්න බැරුව ලත වෙනව. තෙල් නැතුව රස්සවට නොගිහින් තෙල් එන්කම් බලන් ගෙදර. කවද ඉවර වේද මේව